Elaeocarpus serratus
වෙරලු දල්ලේ ගුණ..
අප රටේ බොහෝ පලාත්වල සුලබව දක්නට ලැබෙන පළතුරක් තමයි වෙරළු කියන්නෙ.වෙරළු කෙතරම් සුලභ පලතුරක් උවද වෙරළු ගෙඩිය මෙන්ම කොල හා දලු සම්බන්ධයෙන් ඔබ නොදත් කරුණු කීපයක් පිලිබඳව දැනුවත් කිරීමට තමයි මං මේ ලිපිය ලියන්නෙ.
Elaeocarpus serratus නම් විද්‍යාත්මක නාමයෙන් වෙරළු හඳුන්වනු ලබනව.
ශ්‍රී ලංකා ඔලිව් යන අන්වර්ථ නාමයෙන්ද සමහරුන් වෙරළු හඳුන්වනව.වසරකට වාර 2ක් ඵල හට ගන්නා අතර නමුත් සමහර ගස්වල වසර පාසාම ඵල හටගැනීම සිදුවෙනව.
අපි පොඩිකාලෙ අපිට ඇපල් නාරං නොතිබූ නිසා වෙරළු අපේ ජීවිතවල ප්‍රධානතම පලතුරක්.ගෙඩිය විතරක් නෙමෙයි ගෙඩි නැති කාලෙට ගහේ කොල දලු ටිකත් ලුණු එක්ක කනව.වැඩිපුර කාල වමනෙ ගිය වාරනම් අනන්තයි. නමුත් වර්ථමානයේනම් බහුතරයක් දරුවන් මෙන්ම වැඩිහිටියන්ද වෙරලු ආහාරයට ගැනීමට එතරම් ප්‍රියතාවයක් දක්වන් නෑ.මක්නිසාද යත් ඇපල් ගෙඩියක,ජමනාරං ගෙඩියක තියෙන රසය වෙරළු හෙඩියක නොමැති හෙයින්.
නමුත් ඔබ දන්නවාද ඇපල් ගෙඩියක,ජමනාරං ගෙඩියක ලඟින්වත් තැබිය නොහැකි තරම් ගුණයක් කුඩා වෙරළු ගෙඩියක ඇති බව????
වෙරළු යනු විටමින් C ,කැල්සියම් හා යකඩ බහුල පළතුරක්.අතීතයේ පටන්ම ගර්භනී මවුවරුන්ට දැන හෝ නැදැන වෙරළු ආහාරය පිනිස ලබාදීමට මූලික හේතුව මෙන්න මේ ගුණය තමයි.
වෙරළු ගෙඩියේ පමනක් නොව කොලයෙහි පවා ඔසු ගුණ රාශියක් තියෙනව.
*මෙහි ඇති ඔසු ගුණ වශයෙන් ප්‍රධාන වන්නේ ස්නායු වර්ධනය කිරීමයි.
*හිසට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය බාධාවකින් තොරව ක්‍රියා කිරීමට උපකාරී වේ.
*හිසකෙස් වර්ධනය කරයි .
ආහාර දිරවීම පහසු කරයි.
*ඇස්වල තෙතමනය රඳා ගනී. *සෙම නසයි.
*සීනි කොලෙස්ටරෝල්, ශරීරයේ *මේදය පාලනය කරයි.
*කුඩා දරුවන්ගේ අස්ථි වර්ධනය කරයි.
*සම ශක්තිමත් කරයි.
*ලේ පිරිසුදු කරයි.
*බඩේ අජීර්ණ තත්වයන්ට ගුණ ගෙනදේ.
ඔලිව් ගෙඩියක ඇති ගුණයට සමාන ඔසු ගුණයක් වෙරළුවල තියෙනව. ඇඟට හිතකර ශරීරය සිහිල් කරන බලයක් හිමි ඉහළ වටිනාකමක් මේ තුළ රැඳී තියෙනව.
වෙරලු ගෙඩියෙන් අච්චාරු ,තැම්බූ වෙරළු සහ වෙරළු බීම යනාදී ආහාර පාන සකසනු ලබයි.බහුතරයක් එවන් ආහාර සම්බන්ධව දැනුවත් නිසා ඒ පිලිබඳව මා වැඩිදුර විස්තර නොකර ඉන්නම්.
වෙරළු ගෙඩියෙහි ගුණ හා පිලියෙල කල හැකි ආහාර බොහෝ අය දැන සිටියද වෙරළු කොලයේ දල්ලේ ගුණ හා ආහාරයට ගන්න බවකුදු බහුතරයක් නොදනී.
වෙරළු ගෙඩිය පමණක් නොව කොලය පවා පුරාණ මිනිසුන් හිසකෙස් සත්කාරයක් ලෙස භාවිත කරල තියෙනව.වෙරළු කොලයද කැල්සියම් ,විටමින් සී හා යකඩ බහුල ආහාරයක්.
වෙරළු දලු කැඳ ,හා මැල්ලුම ආහාරයට ගැනීමෙන්,
-රක්තහීනතාවයට පත්වූ දරුවන්ට ගුණ ගෙනදේ
-ගැබිනි මාතවන්ටශරීරයට අවශ්‍ය කැල්සියම් ,යකඩ හා විටමින් සී යනාදී පෝශ්‍ය පදාර්ථ ලැබේ.
- ශරීරයේ ලේ වඩවයි.
-පැසුනු වෙරලු ගෙඩි සමග දලු එක්කොට තම්බා පානය කිරීමෙන් මුත්‍ර රෝගවලට ගුණ ගෙනදේ.
-වෙරළු දලුවල ශරීර ශක්තිය වර්ධනය කිරීමේ ගුණ සහිතය.
වෙරළු දලු කැඳ සාදන ආකාරය..-
වෙරළු දලු මිටක් ගෙන වංගෙඩියක හෝ හෝම් ග්‍රයින්ඩරයක දමා වතුර ස්වල්පයක් මිශ්‍රකර කොටා පෙරා යුශ වෙන්කරගන්න.
එයට පොල්කිරි,ලුණු ,තලාගත් ඉඟුරු කැබැල්ලක් හා හීනියට ලියාගත් සුදුළූනු ටිකක් එකතු කර උයාග්ත් බත් ටිකක්ද එකතු කර සාමාන්‍ය කැඳක් ආකාරයට හැඳිගාමින් රත් කරන්න.මදක් උතුරන්නට හැර පානය කරන්න.
වෙරළු දලු මැල්ලුම්..-
වෙරළු දලු මිටක් ගෙන හීනියට ලියාගන්න. එයටම කපාගත් රතුළූනු ,කරපිංචා,අමු මිරිස් අවශ්‍ය පමණ එක් කරන්න.පොල් ස්වල්පයක් හා ලුණු එක්කර පොල් තෙල් හෝ එලඟි තෙලින් මලවගන්න.බත් සමග ආහාරයට ගන්න.සමහරුන් නම් පොල් මිශ්‍ර නොකරම මලවනු ලබයි.එය ඔබේ කැමැත්ත පරිදිය..
Special thank for Mr. Pubudu Kalum Jayatissa
@පුබුදු කැළුම් ජයතිස්ස..
(කතෘ අයිතිය සුරකින්න)
0 Comments